Thursday, February 10, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: වාහන අංකයෙන් තොරතුරු සෙවීම

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: වාහන අංකයෙන් තොරතුරු සෙවීම: "වාහන අංකයෙන් තොරතුරු සෙවීම ඉස්සර නම් ලංකාවේ වාහනයක තොරතුරු හොයන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටම යන්න ඕනෑ. ඒත් අයිතිකරැ හැරෙන්න වෙන අයට ..."

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: මොකක්ද මේ නොබැදිපත කියන්නෙ

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: මොකක්ද මේ නොබැදිපත කියන්නෙ: "මොකක්ද මේ නොබැදිපත කියන්නෙ ලංකාවේ ලියාපදිංචි කල වාහනයකට අනිවාර්යයෙන්ම වාහන ආදායම් බලපත්‍රය (ඒ කියන්නේ වාහනේ ලයිසන් එක) ලබා ගත යුතුයි. ඒක ලිය..."

මොකක්ද මේ නොබැදිපත කියන්නෙ

මොකක්ද මේ නොබැදිපත කියන්නෙ

ලංකාවේ ලියාපදිංචි කල වාහනයකට අනිවාර්යයෙන්ම වාහන ආදායම් බලපත්‍රය (ඒ කියන්නේ වාහනේ ලයිසන් එක) ලබා ගත යුතුයි. ඒක ලියාපදිංචි අයිතිකරු පදිංචි ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගන්න පුළුවන්. එහෙම ආදායම් බලපත්‍රයක් ගත්ත පසු එම වාහනයේ ලියාපදිංචි අයිතිකරු වෙනස් වීමේදී (වාහනය වෙන කෙනෙකුට පැවරුවාට පස්සෙ) අලුතින් ලියාපදිචි අයිතිකරුට තමාගේ නමින් , තමා පදිංවි ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බලපත්‍රය ලබා ගැනීමට නම් පෙර කී ආදායම් බලපත්‍රය නිකුත් කල කාර්යාලයෙන් ලිපියක් ගන්න වෙනවා. ඒ ලිපිය තමයි නොබැදිපත කියන්නේ.

නොබැදිපතක් අවශ්‍ය ඇයි

පළමුව ආදායම් බලපත්‍ර නිකුත් කල කාර්යාලයෙන් නොබැදිපත නිකුත් කිරීමේදී ඔවුන්ගේ පරිගණක දත්ත පද්ධතියේ පැරණි ආදායම් බලපත්‍ර විස්තර සුරක්ෂා කිරීමක් කරනු ලබනවා. ඉන්පසු එම කාර්යාලය මගින් එම වාහනයට ආදායම් බලපත්‍රයක් නිකුත් කල නොහැකි වනවා. එම නොබැදිපත නව අයිතිකරුට අදාල බලපත්‍ර කාර්යාලයට ලබාදුන් පසු එම කාර්යාලයෙන් ඉදිරියට ආදායම් බලපත්‍ර නිකුත් කෙරෙනවා. මෙහිදී එකම වාහනයකට වංචනික ලෙස තැන් දෙකකින් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව නැතිව යනවා.

වාහනයේ අයිතිය මාරු වූ පසු නොබැදිපතක් ලබා ගන්නේ කෙසේද?

1. නව අයිතිකරු ගේ පදිංචි ප්‍ර දේශයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයට වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කර එම කාර්යාලය මගින් ලිපියක් පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට යවා තැපැල් මගින් හෝ අතින් ගෙන්වා ගැනීම.

  1. නව අයිතිකරු විසින් ලියාපදිංචි සහතිකයේ තම පදිංචිය පිළිබදව පෙර බලපත්‍ර නිකුත් කල කාර්යාලයට වාර්තා කර (ලියාපදිංචි සහතිකය පෙන්වා) නොබැදිපතක් එම කාර්යාලයෙන් ලබා ගත හැකිය.

මීට අමතරව බොහෝ කාර්යාල අදාල විස්තර ැක්ස් හෝ ඊමේල් මගින්ද ලබා ගන්නවා.

සැ.යු.
  • එකම කොට්ඨාශයක දෙදෙනෙකු අතර වාහන පැවරීමකදී ආදායම් බලපත්‍රය ලබා ගන්නේ එකම කාර්යාලයකින් නම් මෙම නොබැදිපත අවශ්‍ය නොවේ.
  • එමෙන්ම වාහන පැවරීමකින් තොරව ලියාපදිංචි අයිතිකරුගේ ලිපිනය සංශෝධනය වීමකදී (ලියාපදිංචි සහතිකයට අනුව) නව ලිපිනය වෙනත් කොට්ඨාශයකට අයත් නම් මෙම නොබැදිපත ලබා ගත යුතුය.
  • මෙම කාර්යය සදහා කිසිදු ගෙවීමක් සිදු කල යුතු නොවේ. කිසියම් කාර්යාලයකින් නොබැදිපත නිකුත් කිරීමට මුදල් ඉල්ලන්නේ නම් ඒ පිළිබදව වගකිවයුතු අය දැනුවත් කරන්න. ඔබට උදවු අවශ්‍ය ඕනෑම මොහොතක අපගේ සේවය ඔබ වෙනුවෙන් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සදහා කොමන්ට් එකක් දාන්න......

වාහන අංකයෙන් තොරතුරු සෙවීම

වාහන අංකයෙන් තොරතුරු සෙවීම

ඉස්සර නම් ලංකාවේ වාහනයක තොරතුරු හොයන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටම යන්න ඕනෑ. ඒත් අයිතිකරැ හැරෙන්න වෙන අයට විස්තර දෙන්නෙ නෑනේ. දෙනවනම් පොලීසියට හරි උසාවි නියෝගයකට හරි තමයි දෙන්නෙ. කවුරුහරි වාහනයකින් ඇවිත් පාරෙදි හප්පලා ගියොත් හරි වෙනත් අකටයුත්තක් කලොත් හරි වාහන අංකය හොයාගෙන පොලීසියේ ඇන්ට්‍රියක් එහෙම දාලා පොලීසියෙන් තමයි RMV එකට කතා කරල වාහනයේ විස්තර හොයන්නෙ. ඒක අපිට පුද්ගලිකව කරන්න පුළුවන් දෙයක් නොවෙයි. මොකද RMV එකෙන් විස්තර අපිට දෙන්නේ නෑනෙ.

ඒත් දැන් වාහන අංකය තියනවනම් ලංකාවේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඒ වාහනය පිළිබද විස්තර ගන්න පුළුවන්. වාහනයේ අයිතිකරු, ලිපිනය වගේම අවශ්‍යනම් වර්ගය,වැසි අංක,එංජින් අංක,ලිපාපදිංචි කල දිනයන් හා ලබාගෙන තිබෙන ආදායම් බලපත්‍ර විස්තරත් ගන්න පුළුවන්.

ඒ වගේම දැන් ඒ විස්තර අන්තර්ජාලයෙන් නිවසේ ඉදලම ලබා ගන්නත් පුළුවන්. ඕනැ කරන්නෙ වාහන අංකය විතරයි. වැඩි විස්තර ඕනැනම් මේකට කොමන්ට් එකක් දාන්න. වාහන අංකය කොමන්ට් එකකින් එවනවනම් විස්තර යොමු කලයුතු ඊමේල් ලිපිනයක් එවන්න.


Wednesday, February 9, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴

ඔන්න මමත් දැන් රාජ්‍ය සේවය පිණිසයි අරගෙන අලුතින්ම බ්ලොග් එකට එකතු වුනා. මෙච්චර කල් කලේ ඔයාලා ලියන බ්ලොග් කියවපු එකනෙ. අද ඉදන් මමත් බ්ලොග් ලියනවා.
මම රාජ්‍ය සේවය පිණිසයි තෝරාගත්තේ රාජ්‍ය සේවය මගින් මහජනතාවට ලබා දෙන සේවාවන් පිළිබද තොරතුරු ලබා දෙන්නයි. මෙහිදී ඔයාලට අවශ්‍ය තොරතුරු, උදවු,සේවා ලබා ගැනීමට පහසු ක්‍රම ආදිය කියල දෙනවා. තවද මේ සම්බන්ධ යෝජනා ,චෝදනා, පැමිණිළී හා විවිධ අදහස් ලබා ගන්නත් සූදානම්..

එහෙනම් ඉදිරියේදී නැවත හමුවෙමු...