Friday, May 27, 2011

හම්බන්තොටට නව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2ක්

හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ පරිපාලන ප‍්‍රදේශ පුළුල් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර දැනට තිබෙන ප්‍රාදේශීයය ලේකම් කොට්ඨාස 12 ට තවත් කොට්ඨාස දෙකක් එක් කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇත. වීරවිල සහ හුංගම වශයෙන් නව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ස්ථාපිත කිරීමත්, ලූණුගම් වෙහෙර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස වෙනස් කිරීමත් සිදු වේ. පරිපාලනයේ පහසුව පිණිස මෙම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුළුල් කිරීම සිදුවන බව ද වාර්තා වේ.