Tuesday, July 26, 2011

ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....

ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....

පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹීම සදහා මෙවර තරගයට ඉදිරිපත්ව සිටින වෙනත් රාජ්‍ය ආයතනයකින් ක්ෂේත්‍ර චාරිකාවක් සූදානම් කර තිබූ අතර මේ සදහා අදාල සම්මානලාභී රාජ්‍ය ආයතනයෙන් අවසර ලබා ගැනීම සදහා එම ආයතනයට දුරකථනය මගින් විමසීමක් කල විට තම කාර්යාලයේ කටයුතු පරීක්ෂාවට අවසර නොලැබෙන බව එහි නිලධාරියෙකු විසින් පවසා ඇති බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.

තවද මෙම රාජ්‍ය ආයතනය විසින් 2009 වසර සදහා පැවති ඵලදායිතා තරගයෙන් දිවයිනෙන්ම පළමු ස්ථානය හිමිකරගෙන ඇති බැවින් තරග නීති රීති අනුව ඉදිරි වසර 5ක කාලයක් සදහා ඔවුනට නැවත එම තරගයට ඉදිරිපත් විය නොහැකි වේ. එබැවින් එම ආයතනයේ ඵලදායිතාවය රැදී තිබුනේ තරගකාරිත්වය මත බවත් මේ වනවිට  කාර්යාලයේ ඵලදායිතාවය පිරිහීමකට ලක්ව ඇති බවත් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වී ඇත.   

රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි

රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි

රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුතු සඳහා ලබාදී තිබූ පරිගණක රහස්‍ය අංක (පාස්වර්ඩ්) අයථා ලෙස යොදාගනිමින් භයානක පරිගණක අපරාධවල යෙදී තිබේ.
ඒ සම්බන්ධව රහස් පොලිසිය පුළුල් ලෙස පරීක්‍ෂණ සිදුකරගෙන යයි. මහජන කටයුතුවලට වැඩිවශයෙන් සම්බන්ධ වෙන දෙපාර්තමේන්තු, ආයතන, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වගකිවයුතු ස්ථාන රැසක නිලධාරීන් එම පරිගණක වංචාවලට හසුවී තිබේ.
මූල්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් එම රහස්‍ය අංකයට ඇති සීමා ඉක්මවා කටයුතු කරමින් වෙනත් ගිණුම්වල ඇති මුදල් සොරාගෙන තිබේ.
මේ හරහා විදේශ රටවලින් එවන මුදල් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් වෙනත් ගිණුම්වලට යොදාගෙන තිබේ. එම මූල්‍ය ආයතනයක සේවකයකු එම පරිගණක අපරාධයට සම්බන්ධව සිටියි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ඇතැම් නිලධාරීන්ද ඉහළ නිලධාරීන්ගේ ඇස් වසා මහා පරිමාණයෙන් වාහන ජාවාරම්වල යෙදී තිබේ.
රහස් පොලිසිය ඊට අදාළ තොරතුරු රැසක් හෙළිකර ගෙන තිබේ.
මේ අතර විශ්ව විද්‍යාලයක සිසුන්ගේ ලකුණු වෙනස් කිරීමක් ද පරිගණකය හරහා සිදුකර තිබී හසුවී ඇත. එහිදී විභාගය අසමත් අයට පවා ඉහළ ලකුණු ලැබී තිබේ.
ඇතැම් ව්‍යාපාර ආයතනවලට අදාළ වෙබ් අඩවිවල තොරතුරු සොරකම් කර එම ව්‍යාපාර ආයතනවලටද මූල්‍ය වංචා රැසක් සිදු කර තිබේ.
තානාපති කාර්යාලයකට අදාළ තොරතුරු සොරකම් කර භයානක අපරාධයක යෙදුන පුද්ගලයකු අනුරාධපුර ප්‍රදේශයේදී රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝ ආයතනවලට අදාළ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුලුවී සිදුකරන අපරාධ රැසක තොරතුරු රහස් පොලිසියට වාර්තාවී තිබේ.
ඇතැම් ආයතන විසින් සකස් කරන ලද පරිගණක වැඩසටහන් පවා පරිගණක අපරාධකරුවන් විසින් සොරකම් කර විකුණා තිබේ. මෙවැනි අපරාධ වැඩි ප්‍රමාණයක් සිදුවී තිබෙන්නේ අන්තර් ජාලය හරහා සිදුවෙන ව්‍යාපාර ගණුදෙනු (ර්‍ණදතඪදඥ භඵඪදඥඵඵ) හරහා බවද හෙළිවී ඇත.
රහස් පොලිසිය හෙළිකරගෙන ඇති තොරතුරුවලට අදාළව මෙවැනි වංචාවල වැඩි වශයෙන් යෙදී සිටින්නේ පරිගණක පද්ධතිය පිළිබඳ වැඩි දැනුවත් ලබා ඇති උගත් පිරිසකි.
මොවුන් විසින් සිදුකර ඇති පරිගණක දත්ත සාවාද්‍ය පරිහරණයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරේ.
තවද  ඊ. බෑන්කින් ගිණුම් හරහා ගනුදෙනු කරන පිරිස් විශේෂයෙන් සුපරීක්‍ෂාකාරී විය යුතු බව රහස් පොලිසිය දන්වා සිටියි.

Vijayani Edirisinghe - Dinamina

Monday, July 25, 2011

රාජ්‍ය සේවකයාට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපති උපදෙස්.

රාජ්‍ය සේවයට බඳවා ගන්නා සෑම තරාතිරමකම සේවකයන්ට සහ නිළධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

 රාජ්‍ය සේවකයාගේ තොරතුරු තාක්ෂණය, භාෂා හැකියාව හා ආකල්ප වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
 ඒ සඳහා යල් පැනගිය විෂය නිර්දේශ හා ක‍්‍රමවේද වෙනුවට වර්තමානයට ගැලපෙන නවීන ක‍්‍රමවේද යොදාගත යුතු බවයි රාජපක්ෂ මැතිතුමා සඳහන් කලේ.
 එතුමා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ජූලි01 පස්වරුවේ රැස්වූ රාජ්‍ය කළමණාකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම අමතමින්.
 මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ජී කේ ඞී අමරවර්ධන මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවය තුළ වෙනස්කම් 7ක් සිදුකල යුතු බවයි.
 ආකල්ප සංවර්ධනය, කල්ගතවීම් අවම කිරීම, සේවා අපේක්ෂිත මට්ටම සංවර්ධනය සහ ප‍්‍රතිචාර දැක්වීමේ දුරවලතා මගඇරවීද ඊට ඇතුළත්.
 යල්පැනගිය ක‍්‍රමවේද සරල කිරීම, රාජ්‍ය භාෂා භාවිතය ප‍්‍රචලිත කිරීම සහ රාජ්‍ය සේවකයාගේ දායකත්වය උපරිම කිරීමට ද කටයුතු කළයුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
 මෙහිදී බදාදා දිනය මහජන දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබුනද එම කාර්යය නිසි පරිදි ඉටු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළකලා.
 එම දිනය ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති බැවින් ඒ සඳහා තම යුතුකම ඉටුකිරීමට කැපවන්නැයි ජනාධිපතිතුමා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Wednesday, July 20, 2011

කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති

කළමනාකරණ සහකාර සේවා උපකාරක පන්ති

  This is an advertisement
III වන පන්තිය කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • ජුලි 16 සිට සෙනසුරාදා දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30
II පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 30

  • ජුලි 17, 24 දිනවල පෙ.ව. 8.30 - ප.ව. 12.30
I පන්තියට උසස් කිරීමේ විභාගය - විභාගය ජුලි 31

  • ජුලි 16, 23 දිනවල ප.ව. 12.30 - ප.ව. 4.00
බස්නාහිර පළාත් කළමනාකරණ සහකාර සේවා බඳවා ගැනීමේ විභාගය
  • ජුලි 17, 24 දිනවල ප.ව. 12.30 - ප.ව. 4.00
දෙමටගොඩ C&C අධ්‍යාපන ආයතනයේදී. (දෙමටගොඩ හන්දිය අසල බේස්ලයින් පාර, සිපෙට්කෝ ෂෙඩ් එක ඉදිරිපිට පාර) (C&C Educational Institute, 270/42, Danister De Silva Mawatha, Colombo 9)
Map

____________________________________________________________________________
I හා II පන්තියට උසස් කිරීමේ විභාග - විභාගය ජුලි 31 හා 30

ජුලි 21 පෙ.ව. 8.30 - ප.ව. 4.00
කුරුණෑගල සුව පියස ගොඩනැගිල්ල පළමු මහල (පොළ පාර, නිශ්ශංක විදුහල ඉදිරිපිට ගතික හෙඳ විදුහල.) (Suva Piyasa Diabetes Center, No. 27, South Circular Road, Kurunagala)
Map

මෙහෙයවීම  - ප්‍රවීන දේශක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්‍ෂක ඒ. ඩී. කේ. රූපසිංහ. (ශ්‍රීලංකා පරිපාලන සේවය 1 - විශ්‍රාමික)
විමසීම්: 071 6246231, 011 2848905

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා මාරුවීම්වලට තාවකාලිකව තිත

රාජ්‍ය සේවය සඳහා මාරුවීම්, උසස්වීම් සහ බඳවා ගැනීම් තාවකාලිකව සිදු නොකරන ලෙස සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමා තුළ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සහ මාරුවීම් සිදුනොකළ යුතු බව චක්‍රලේඛයක් නිකුත් කරමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම කාල සීමාවේ දී රාජ්‍ය සේවයේ පත්වීමක් හෝ ස්ථාන මාරුවක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

මෙම නියෝග පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු ක්‍රියාත්මක වන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මස 23 වැනිදා පැවැත්වෙයි.

දෙමළ දන්නා අය රාජ්‍ය සේවයට ගන්නැයි යෝජනාවක්.

දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් රාජ්‍ය සේවය සදහා අවශ්‍ය ප‍්‍රමාණයට බදවා ගන්නා ලෙස රජයට යෝජනා කරන බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. බදුල්ල ප‍්‍රදේශයේ ඊයේ (18) පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, ඒ සදහා රාජ්‍ය සේවයට බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කළ යුතු බවයි.