Tuesday, July 26, 2011

රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි

රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි

රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුතු සඳහා ලබාදී තිබූ පරිගණක රහස්‍ය අංක (පාස්වර්ඩ්) අයථා ලෙස යොදාගනිමින් භයානක පරිගණක අපරාධවල යෙදී තිබේ.
ඒ සම්බන්ධව රහස් පොලිසිය පුළුල් ලෙස පරීක්‍ෂණ සිදුකරගෙන යයි. මහජන කටයුතුවලට වැඩිවශයෙන් සම්බන්ධ වෙන දෙපාර්තමේන්තු, ආයතන, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වගකිවයුතු ස්ථාන රැසක නිලධාරීන් එම පරිගණක වංචාවලට හසුවී තිබේ.
මූල්‍ය ආයතන කිහිපයකම නිලධාරීන් එම රහස්‍ය අංකයට ඇති සීමා ඉක්මවා කටයුතු කරමින් වෙනත් ගිණුම්වල ඇති මුදල් සොරාගෙන තිබේ.
මේ හරහා විදේශ රටවලින් එවන මුදල් බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් වෙනත් ගිණුම්වලට යොදාගෙන තිබේ. එම මූල්‍ය ආයතනයක සේවකයකු එම පරිගණක අපරාධයට සම්බන්ධව සිටියි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ඇතැම් නිලධාරීන්ද ඉහළ නිලධාරීන්ගේ ඇස් වසා මහා පරිමාණයෙන් වාහන ජාවාරම්වල යෙදී තිබේ.
රහස් පොලිසිය ඊට අදාළ තොරතුරු රැසක් හෙළිකර ගෙන තිබේ.
මේ අතර විශ්ව විද්‍යාලයක සිසුන්ගේ ලකුණු වෙනස් කිරීමක් ද පරිගණකය හරහා සිදුකර තිබී හසුවී ඇත. එහිදී විභාගය අසමත් අයට පවා ඉහළ ලකුණු ලැබී තිබේ.
ඇතැම් ව්‍යාපාර ආයතනවලට අදාළ වෙබ් අඩවිවල තොරතුරු සොරකම් කර එම ව්‍යාපාර ආයතනවලටද මූල්‍ය වංචා රැසක් සිදු කර තිබේ.
තානාපති කාර්යාලයකට අදාළ තොරතුරු සොරකම් කර භයානක අපරාධයක යෙදුන පුද්ගලයකු අනුරාධපුර ප්‍රදේශයේදී රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොහෝ ආයතනවලට අදාළ වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුලුවී සිදුකරන අපරාධ රැසක තොරතුරු රහස් පොලිසියට වාර්තාවී තිබේ.
ඇතැම් ආයතන විසින් සකස් කරන ලද පරිගණක වැඩසටහන් පවා පරිගණක අපරාධකරුවන් විසින් සොරකම් කර විකුණා තිබේ. මෙවැනි අපරාධ වැඩි ප්‍රමාණයක් සිදුවී තිබෙන්නේ අන්තර් ජාලය හරහා සිදුවෙන ව්‍යාපාර ගණුදෙනු (ර්‍ණදතඪදඥ භඵඪදඥඵඵ) හරහා බවද හෙළිවී ඇත.
රහස් පොලිසිය හෙළිකරගෙන ඇති තොරතුරුවලට අදාළව මෙවැනි වංචාවල වැඩි වශයෙන් යෙදී සිටින්නේ පරිගණක පද්ධතිය පිළිබඳ වැඩි දැනුවත් ලබා ඇති උගත් පිරිසකි.
මොවුන් විසින් සිදුකර ඇති පරිගණක දත්ත සාවාද්‍ය පරිහරණයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරේ.
තවද  ඊ. බෑන්කින් ගිණුම් හරහා ගනුදෙනු කරන පිරිස් විශේෂයෙන් සුපරීක්‍ෂාකාරී විය යුතු බව රහස් පොලිසිය දන්වා සිටියි.

Vijayani Edirisinghe - Dinamina

1 comment: