Monday, July 25, 2011

රාජ්‍ය සේවකයාට විධිමත් පුහුණුවක් ලබාදීමට ජනපති උපදෙස්.

රාජ්‍ය සේවයට බඳවා ගන්නා සෑම තරාතිරමකම සේවකයන්ට සහ නිළධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා.

 රාජ්‍ය සේවකයාගේ තොරතුරු තාක්ෂණය, භාෂා හැකියාව හා ආකල්ප වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
 ඒ සඳහා යල් පැනගිය විෂය නිර්දේශ හා ක‍්‍රමවේද වෙනුවට වර්තමානයට ගැලපෙන නවීන ක‍්‍රමවේද යොදාගත යුතු බවයි රාජපක්ෂ මැතිතුමා සඳහන් කලේ.
 එතුමා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී ජූලි01 පස්වරුවේ රැස්වූ රාජ්‍ය කළමණාකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීම අමතමින්.
 මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ජී කේ ඞී අමරවර්ධන මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවය තුළ වෙනස්කම් 7ක් සිදුකල යුතු බවයි.
 ආකල්ප සංවර්ධනය, කල්ගතවීම් අවම කිරීම, සේවා අපේක්ෂිත මට්ටම සංවර්ධනය සහ ප‍්‍රතිචාර දැක්වීමේ දුරවලතා මගඇරවීද ඊට ඇතුළත්.
 යල්පැනගිය ක‍්‍රමවේද සරල කිරීම, රාජ්‍ය භාෂා භාවිතය ප‍්‍රචලිත කිරීම සහ රාජ්‍ය සේවකයාගේ දායකත්වය උපරිම කිරීමට ද කටයුතු කළයුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
 මෙහිදී බදාදා දිනය මහජන දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබුනද එම කාර්යය නිසි පරිදි ඉටු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළකලා.
 එම දිනය ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති බැවින් ඒ සඳහා තම යුතුකම ඉටුකිරීමට කැපවන්නැයි ජනාධිපතිතුමා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

No comments:

Post a Comment