Friday, April 29, 2011

එකතැන වසර 6 ඉක්මවූ ප්‍රා.ලේකම්වරුන්ට ස්ථාන මාරු

අප්‍රේ.29- එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක වසර 6 ක් සේවය කළ පසු සෑම ප්‍රාදේශිය ලේකම්වරයකුටම ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා සදහන් කළේ ප්‍රතිපත්තිමය කාරණයක් මත මෙම තීන්දුව ගන්නා බවය.

කොළඹ ඊයේ පැවති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ආණ්ඩුවේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය සමුළුව පැවැත්විය.

අමාත්‍යවරයා සදහන් කළේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සවිබල ගැන්වීමටත් ග්‍රාම සේවක කාර්යාල අධීක්ෂණයටත් පියවර ගන්නා බවය.

Monday, April 25, 2011

දිවි නැගුමට කංසා වගාව

දිවි නැගුම යටතේ ආධාර ලබාගනිමින් ගෙවතු වගාවක් ලෙස කංසා වගාකළ බව කියන නාවලපිටියේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස කංසා වගාකර ඇත්තේ කොත්මලේ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ තිස්පනේ හුණුගල් ඔය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පස් පිරවූ පැකට් යොදා ගනිමින් දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ බෙදාදුන් බීජ මගින් වගා කර ඇති අනෙකුත් පැළ අතර මෙම කංසා පැල වගාකර තිබූ බව නාවලපිටිය පොලිසිය පැවසීය.
කංසා පැළ පස් පිරවූ පැකට්වල වගාකර ඇත්තේ අවශ්‍යවූ විට වෙත් ස්ථානයකට ගෙන ගොස් වගා කිරීමට බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

දිවි නැගුම

‘දිවි නැගුම’ට පොහොර හා බීජ කට්ටල 9,87,000ක් ලබා දී අවසන්
- ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්

දිවි නැගුම වැඩසටහනේ බැනර් වලට කෝටි පනස් ලක්ෂ හැටදාහක් වියදම් කරත් ජනතාව ලැබෙන්නේ රු.100ක් බීජ පැකට් එකක් විතරයි – සමෘද්ධි නිලධාරීන්


දිවි නැගුම’ වැඩසටහන යටතේ ඇති කිරීමට යෝජිත ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂය සඳහා අවශ්‍ය පොහොර හා බීජ කට්ටල 9,87,000කට අධික ප්‍රමාණයක් මේ වන විට ලබා දී අවසන් බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රවීන්ද්‍ර ‍හේවාවිතාරණ මහතා ප්‍රකාශ කරයි.
කොමසාරිස් ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ 2011.04.20 පැවැති ‘දිවි නැගුම’ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.
රටේ සංවර්ධනයට නවෝදයක් එකතු කළ සියලු පුද්ගලයින්ට ර‍ටේ සංවර්ධනය වෙනුවෙන් සහභාගි විය හැකි ජාතික වැඩපිළිවෙළක් වන ‘දිවි නැගුම’ වැඩසටහන ගෘහ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම සඳහා ඉවහල් වන බවද හේවාවිතාරණ මහතා පැවසීය.
සියලු ආයතන තම සාමාජිකයන් සමඟ සුහද ව මෙම කටයුත්ත ඉදිරියට රැගෙන යා යුතු බව පැවසු කොමසාරිස් ජනරාල්වරයා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 10ක ක්‍රියාකාරීත්වයෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් 577ක් මේ සඳහා දායකත්වය ලබා දෙන බවද වැඩිදුරටත් පැවසීය.


දිවි නැගුම ජාතික වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කරන බැනර් හා කටවුට් සඳහා රැපියල් කෝටි පන්ලක්ෂ හැටදායක් පමණ වියදම් කරත් ජනතාවට ලැබෙන්නේ රුපියල් 100ක් පමණ වටිනා බීජ පැකට් එකක් පමණක් බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. පසුගියදා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කලුගේගේ වැඩ තහනම් කිරිමට හේතුව වී තිබුණේද මෙම ගැටලුව සම්බන්ධයෙන් පෙනී සිටීම බව එම සංගමය චෝදනා කරයි. 2011.04.20 සමෘද්ධි නිලධාරීන්ගේ සංගම‍ය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද භාර දී ඇති බව අප වෙත වාර්තා‍ වේ.

Friday, April 8, 2011

රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් බදවා ගැනේ


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2010 පැවැත්වූ ලිපිකරු තරග විභාගයේ ප්‍රතිඵල මත නව පත්වීම් ලබාදීමේ පළමු පියවර 2011.04.07 දින ආරම්භ විය. මෙහිදී රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් එක්වූ පළමු කණ්ඩායම ඊයේ දින (2011.04.07) අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි භාර ගන්නා ලදී. මෙහි පළමු අදියර යටතේ 2274 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

අද පත්වීම් ලබන ඔබගේ මේසයට ලිපිගොනුවක් එන විට එම ලිපිගොනුවේ තිබෙන්නේ ඔබට මෙම තත්ත්වයට ඒමට උදව් කළ මහජනතාවගේ වුවමනාවක් බව මතක තබා ගත යුතු යැයි එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේය. රජය සිදු කරන සංවර්ධන කටයුතු මගින් දුෂ්කර ගම්මානද ලංකා සිතියමෙන් ඉවත් කරමින් සිටින බවත් අප රටේ සෑම ස්ථානයක්ම ප්‍රියමනාප ස්ථානයක් වශයෙන් සළකා උතුර, නැගෙනහිර, දකුණ එකම රටක් ලෙස ඕනෑම ස්ථානයක සිට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අද පත්වීම් ලබන සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ද්‍රවිඩ බසින් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

2012 පෝය නිවාඩු



2012 වර්ෂය සදහා පෝය නිවාඩු දිනයන් මේ වනවිට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

Thursday, April 7, 2011

අප්‍රේල් 15 නිවාඩු



2011 අප්‍රේල් මස 15 දින රජයේ සහ බැංකු නිවාඩු දිනයක් වශයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇත.

Wednesday, April 6, 2011

මෝටර් රථ පැවරීමේදී අවශ්‍ය පෝරම

 ඔබට අවශ්‍ය පෝරමය ලබා ගැනීමට එම පෝරමයට අදාල MTA සබැදිය මත ක්ලික් කරන්න

හිමිකම වෙනස් වීම පිළිබද දැනුම්දීම                                   MTA 6

 
නව හිමිකරු ලියාපදිංචි කිරීම                                            MTA 8
 
කුලී සින්නක්කර ගිවිසුම් ඇතිවිට පරම අයිතිය ලියාපදිංචි කිරීම           MTA 3

ලියාපදිංචි හිමිකරු මිය ගිය පසු වාහනයෙහි ලියාපදිංචි පැවරීම           MTA 7
ලියාපදිංචි කළ වාහනයක හිමිකරු මිය ගිය විට, මිය ගිය හිමිකරු පිළිබඳ දැන්වීම     MTA 5

නිවුන් දරු ආධාර වැඩසටහන හා වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන

නිවුන් දරු ආධාර වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය  ක්‍රියාත්මක වේ. දරුවන් ඉපදී මාස  03 ක් ඇතුලත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවී දරුවන්ගේ හා පවුලේ විස්තර දැන්විය යුතුය. එසේම තමා ජීවත් වන වසමේ ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී හමුවී පදිංචිය හා අඩු ආදායම්  ලාභි බව තහවුරු කරගෙන එම  තොරතුරු ළමා හමිකම් ප්‍රවර්ධන නිලධාරීට දැන්විය යුතු අතර අදාල ඉල්ලුම් පත්‍රය  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා ප්‍රාදේහීය ලේකම් විසින් නිර්දේශ කල ප්‍රධාන කාර්යාලය වෙත මුදල් අනුමැතියට එවිය යුතුය.

වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩු අාදායම් ලාභි පවුල් වල අවු. 18 ට අඩු දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. විවිධ රෝග සඳහා මාසිකව ප්‍රතිකාර ගැනීමටත්, සැත්කම් සඳහාත්  මෙමගින් මුදල් ලබා දේ.   අදාල දරුවන්ගේ තොරතුරු ළමා හිමකම්  ප්‍රවර්දන නිලධාරී වෙත  ඉදිරිපත් කල යුතු අතර දරුවන්ගේ වෛද්‍ය වාර්තාද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතු වේ. ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් පදිංචිය හා අඩු ආදායම් ලාබි බව තහවුරු කල යුතුය.  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයත් සමඟ මුදල් අනුමැතිය සඳහා ඉල්ලුම් පත්‍ර ප්‍රධාන කාර්යාලයට එවීම කරනු ලබයි.

Monday, April 4, 2011

විශ‍්‍රාම වැටුප් නොලබන සේවකයිනට දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක්

රජයේ විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහය මඟින් ආවරණය නොවන සේවකයින් වෙත විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ ලැබෙන පරිදි දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මේ වසරේ අයවැය මඟින් යෝජිත පරිදි ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව මේ සඳහා සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල්, විදේශ ශ‍්‍රමික විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් සහ ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් යනුවෙන් දායක විශ‍්‍රාම වැටුප් අරමුදල් තුනක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ සඳහා සේවක හා සේව්‍ය දෙපාර්ශ්වයෙන්ම සේවකයෙකුගේ මාසික වැටුපෙන් සියයට දෙකක දායකත්වයක් ලබාදිය යුතු වන අතර වසර 10 ක අඛණ්ඩ දායකත්වයකින් පසුව සේවකයාගේ වයස අවුරුදු 60 සිට විශ‍්‍රාම වැටුප් ගෙවනු ලැබේ.

රාජ්‍ය බැංකු ප‍්‍රතිසංස්කරණය යටතේ විශ‍්‍රාම වැටුප් අහිමිවූ බැංකු සේවකයින්ටද මෙම විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදලට දායක විය හැක.

බැංකු සේවකයන් වෙනුවෙන් සේවක හා සේව්‍ය දායකත්වය සඳහා මාසික වැටුපෙන් සියයට පහක් ගෙවිය යුතු අතර ඔවුන්ගේ අවසාන වසර 10 ලැබූ දළ විශ‍්‍රාම වැටුපෙන් සියයට 25 ක් විශ‍්‍රාම වැටුප ලෙස ගෙවනු ලැබේ.

විදේශ ශ‍්‍රමිකයන් සඳහා හඳුන්වා ඇති ප‍්‍රතිලාභ අරමුදලකට දායක වීමට නම් විදේශයන්හි සේවය කරන ශ‍්‍රමිකයෙකු වසරකට රු. 12,000 බැගින් තම දායකත්වය ලබා දිය යුතුයි.

මෙම අරමුදල සඳහා රජය මඟින් රු. මිලියන 1,000 ක දිගුකාලීන බැඳුම්කරයක් සපයනු ලබන අතර සාමාජිකයෙකුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ‍්‍රාම වැටුපක් ගෙවනු ලැබේ.

ස්වයං රැුකියා නියුක්තිකයන්ට තම අභිමතය පරිදි දායකවීමට ඉඩ සලසා දී ඇත.

ඔවුන්ගේ වයස අවුරුදු 65 දී විශ‍්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 10 ක් වත් දායක විය යුතු වේ.

Friday, April 1, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන් ...

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන් ...: "රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන් II වන පන්තියට උසස් කිරීමේ තරග විභාගය 2011 වර්ෂය සදහා පැවැත්වීමට අංක 1699 දරණ 2011.03.25 ද..."

රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන් II වන පන්තියට උසස් කිරීමේ තරග විභාගය


රාජ්‍ය කළමණාකරන සහකාර සේවයේ III පන්තියේ නිලධාරීන් II වන පන්තියට උසස් කිරීමේ තරග විභාගය 2011 වර්ෂය සදහා පැවැත්වීමට අංක 1699 දරණ 2011.03.25 දිනැති ගැසට්පත්‍රය මගින් අයදුම්පත් කැදවා ඇත. අයදුම්පත් යොමුකල යුතු අවසන් දිනය 2011 අප්‍රේල් මස 25 දින වේ.