Friday, April 8, 2011

රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් බදවා ගැනේ


රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2010 පැවැත්වූ ලිපිකරු තරග විභාගයේ ප්‍රතිඵල මත නව පත්වීම් ලබාදීමේ පළමු පියවර 2011.04.07 දින ආරම්භ විය. මෙහිදී රාජ්‍ය කළමණාකරන සහකාර සේවයට අලුතින් එක්වූ පළමු කණ්ඩායම ඊයේ දින (2011.04.07) අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි භාර ගන්නා ලදී. මෙහි පළමු අදියර යටතේ 2274 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.

අද පත්වීම් ලබන ඔබගේ මේසයට ලිපිගොනුවක් එන විට එම ලිපිගොනුවේ තිබෙන්නේ ඔබට මෙම තත්ත්වයට ඒමට උදව් කළ මහජනතාවගේ වුවමනාවක් බව මතක තබා ගත යුතු යැයි එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේය. රජය සිදු කරන සංවර්ධන කටයුතු මගින් දුෂ්කර ගම්මානද ලංකා සිතියමෙන් ඉවත් කරමින් සිටින බවත් අප රටේ සෑම ස්ථානයක්ම ප්‍රියමනාප ස්ථානයක් වශයෙන් සළකා උතුර, නැගෙනහිර, දකුණ එකම රටක් ලෙස ඕනෑම ස්ථානයක සිට ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අද පත්වීම් ලබන සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ද්‍රවිඩ බසින් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment