රජයේ විශ‍්‍රාම වැටුප් සංග‍්‍රහය මඟින් ආවරණය නොවන සේවකයින් වෙත විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ ලැබෙන පරිදි දායක විශ‍්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මේ වසරේ අයවැය මඟින් යෝජිත පරිදි ජනාධිපතිවරයාගේ යෝජනාවක් අනුව මේ සඳහා සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල්, විදේශ ශ‍්‍රමික විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් සහ ස්වයං රැුකියා නියුක්තිකයන්ගේ විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදල් යනුවෙන් දායක විශ‍්‍රාම වැටුප් අරමුදල් තුනක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
සේවක විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ සඳහා සේවක හා සේව්‍ය දෙපාර්ශ්වයෙන්ම සේවකයෙකුගේ මාසික වැටුපෙන් සියයට දෙකක දායකත්වයක් ලබාදිය යුතු වන අතර වසර 10 ක අඛණ්ඩ දායකත්වයකින් පසුව සේවකයාගේ වයස අවුරුදු 60 සිට විශ‍්‍රාම වැටුප් ගෙවනු ලැබේ.
රාජ්‍ය බැංකු ප‍්‍රතිසංස්කරණය යටතේ විශ‍්‍රාම වැටුප් අහිමිවූ බැංකු සේවකයින්ටද මෙම විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ අරමුදලට දායක විය හැක.
බැංකු සේවකයන් වෙනුවෙන් සේවක හා සේව්‍ය දායකත්වය සඳහා මාසික වැටුපෙන් සියයට පහක් ගෙවිය යුතු අතර ඔවුන්ගේ අවසාන වසර 10 ලැබූ දළ විශ‍්‍රාම වැටුපෙන් සියයට 25 ක් විශ‍්‍රාම වැටුප ලෙස ගෙවනු ලැබේ.
විදේශ ශ‍්‍රමිකයන් සඳහා හඳුන්වා ඇති ප‍්‍රතිලාභ අරමුදලකට දායක වීමට නම් විදේශයන්හි සේවය කරන ශ‍්‍රමිකයෙකු වසරකට රු. 12,000 බැගින් තම දායකත්වය ලබා දිය යුතුයි.
මෙම අරමුදල සඳහා රජය මඟින් රු. මිලියන 1,000 ක දිගුකාලීන බැඳුම්කරයක් සපයනු ලබන අතර සාමාජිකයෙකුගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට විශ‍්‍රාම වැටුපක් ගෙවනු ලැබේ.
ස්වයං රැුකියා නියුක්තිකයන්ට තම අභිමතය පරිදි දායකවීමට ඉඩ සලසා දී ඇත.
ඔවුන්ගේ වයස අවුරුදු 65 දී විශ‍්‍රාම වැටුප් ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට පෙර අවම වශයෙන් වසර 10 ක් වත් දායක විය යුතු වේ.

No comments:
Post a Comment