Wednesday, April 6, 2011

නිවුන් දරු ආධාර වැඩසටහන හා වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන

නිවුන් දරු ආධාර වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල වෙසෙන අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය  ක්‍රියාත්මක වේ. දරුවන් ඉපදී මාස  03 ක් ඇතුලත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවී දරුවන්ගේ හා පවුලේ විස්තර දැන්විය යුතුය. එසේම තමා ජීවත් වන වසමේ ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි නිලධාරී හමුවී පදිංචිය හා අඩු ආදායම්  ලාභි බව තහවුරු කරගෙන එම  තොරතුරු ළමා හමිකම් ප්‍රවර්ධන නිලධාරීට දැන්විය යුතු අතර අදාල ඉල්ලුම් පත්‍රය  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා ප්‍රාදේහීය ලේකම් විසින් නිර්දේශ කල ප්‍රධාන කාර්යාලය වෙත මුදල් අනුමැතියට එවිය යුතුය.

වෛදය ආධාර ගෙවිමේ වැඩසටහන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වෙසෙන අඩු අාදායම් ලාභි පවුල් වල අවු. 18 ට අඩු දරුවන් සඳහා මෙම ආධාර ක්‍රමය ක්‍රියාත්මක වේ. විවිධ රෝග සඳහා මාසිකව ප්‍රතිකාර ගැනීමටත්, සැත්කම් සඳහාත්  මෙමගින් මුදල් ලබා දේ.   අදාල දරුවන්ගේ තොරතුරු ළමා හිමකම්  ප්‍රවර්දන නිලධාරී වෙත  ඉදිරිපත් කල යුතු අතර දරුවන්ගේ වෛද්‍ය වාර්තාද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කල යුතු වේ. ග්‍රාම නිලධාරී හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී මගින් පදිංචිය හා අඩු ආදායම් ලාබි බව තහවුරු කල යුතුය.  ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයත් සමඟ මුදල් අනුමැතිය සඳහා ඉල්ලුම් පත්‍ර ප්‍රධාන කාර්යාලයට එවීම කරනු ලබයි.

No comments:

Post a Comment