Wednesday, October 12, 2011

දැයට කිරුළ - ජංගම සේවා වැඩසටහන්

දැයට කිරුළ 2012
ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව
තලාව/තඹුත්තේගම/ රාජාංගනය/ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්  
විසින් සංවිධානය කරනු ලබන
ජනතා සත්කාරක
ජංගම සේවා වැඩ සටහනේ
සමාරම්භක උත්සවය

2011 ඔක්තෝබර් මස 15 වන දින පෙ.9.00  තලාව මහා විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 22 වන දින පෙ.9.00  ට තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාල භූමියේදී
2011 ඔක්තෝබර් මස 29 වන දින පෙ.9.00  ට රාජාංගනය යාය 01 විද්‍යාල භූමියේදී
2011 නොවැම්බර් මස 05 වන දින පෙ.9.00  ට ගල්නෑව මධ්‍ය මහා විද්‍යාල භූමියේදී
පැවැත්වේ.
මෙම අවස්ථාවට සහභාගි වන මෙන් ප්‍රදේශවාසී
 ඔබ වහන්සේට / ඔබතුමා/ ඔබතුමියට
ගෞරවයෙන් ආරාධනා කරමි.

- ප්‍රාදේශීය ලේකම්
  තලාව / තඹුත්තේගම /රාජාංගනය / ගල්නෑව

Monday, October 10, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්: 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ ...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....: ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි.... පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹී...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තො...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තො...: රාජ්‍ය ආයතනවල සේවය කළ පරිගණක අපරාධකරුවන් රැසකගේ තොරතුරු හෙළි වෙයි රජයේ දෙපාර්තමේන්තු, ආයතන සහ පෞද්ගලික බැංකු රැසක නිලධාරීන්ට රාජකාරී කටයුත...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්ත...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා: සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා...

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්

රාජ්‍ය සේවය පිණිසයි ෴ on State Service: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්: තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක් ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය ...

Friday, September 23, 2011

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හොරෙක්


ප්‍රමිතියෙන් තොර මාලඹේ ව්‍යාජ වෛද්‍ය ආයතනය වසා දමා වංචාකරුවන්ට දඬුවම් පමුණුවනු වෙනුවට විවිධ ප්‍රකාශ හරහා සංවාදය වෙනතකට යොමු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් හා සභාපති විල්පත්තුව හෙළි කරයි....


විල්පත්තු ජාතික වනෝද්යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආස්රිතව මොරඩවිල්ලූව හා තවුසමඩම ප්රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්රියාත්මක වේ. පුත්තලම දිස්තිරික්කයේ, වනාතවිල්ලූව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්යාපෘතිය ක්රියාත්මක කරන්නේ පුත්තලම දිස්තිරික් ලේකම්, වනාතවිල්ලූව ප්රාදේශීය ලේකම් හා වනාතවිල්ලූව ප්රාදේශීය සභාවේ සභාපති යන අය විසිනි.



ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා

ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
කොළඹදී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා විභාග අපේක්ෂකයින්  14,800  විභාග මධ්‍යස්ථාන 100ක් තුළ පෙනී සිටීමට නියමිත වේ.
මෙම උපාධිධාරීන් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයන් සඳහා බඳවා ගන්නා අතර, විභාගය සඳහා ඉල්ලුම් කරන ලද සෑම විභාග අපේක්ෂකයෙකුම අභියෝගතා ප්‍රශ්න පත්‍රයකට සහ තමන් විසින් ඉල්ලුම් කරන ලද විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිය යුතු වේ.

මෙම විභාගය පිළිබඳ ව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මඟින් කලින් දැනුම් දෙනු ලැබූ අතර, එම පුවත් පත් දැන්වීමේ සඳහන් ව ඇති ආකාරයට වයස අවු.18-35 අතර වයස් සීමාවේ අය විසින් මේ සඳහා ඉල්ලුම් කළ යුතු මෙන් ම, අදාළ විෂය පිළිබඳ ව ප්‍රවීණතාව සහතික කිරීම සඳහා උපාධියක් හදාරා තිබිය යුතු වේ. මෙම සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් පියවර ගෙන ඇත

Wednesday, September 21, 2011

කෝච්චියෙන් එන රජයේ සේවකයන්ට පැය භාගයක්ම....

මාතර සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණෙන සියලුම රාජ්‍ය සේවකයින්ට මිනිත්තු 15 කාලයක් ප්‍රමාදවී කාර්යාලයට වාර්තා කිරීමට සහ මිනිත්තු 15 ක කාලයක් තිබියදී කාර්යාල සේවය නිමාකොට යෑමට අවසර ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.

දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අලුත්ගම-ගාල්ල ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබීම හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව නිසා මෙම තීරණය ගත් බව රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් මහතා කියා සිටියේය.

තමා දිනපතා දුම්රියෙන් කොළඹට පැමිණෙන මගියකු බව තහවුරු කිරීමෙන් පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මෙම රාජ්‍ය සේවකයන්ට අදාළ සහනය ලබාදෙන්නට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක්

රාජ්‍ය අංශයේ සිදුවන නොයෙකුත් දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් පමණ ලැබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පැවසීය.
මේ අතර අල්ලස් පනතට නොවැටෙන පැමිණිලි ජනතාව ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය. කෙසේවුවද ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණික වැටලීම් සිදුකරන බව ඔහු පැවසීය. අල්ලස් කොමිසම අක‍්‍රියව පැවැති සමයේ කොමිසමට ලැබුණු පැමිණිලි 3,700 ක් සම්බන්ධයෙන් කොමිසම ස්ථාපනය කළ පසුගිය මැයි 15 වැනිදා සිට විමර්ශන ආරම්භ කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.



මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ ඒවා බව පැවසේ. ඊට අමතරව මූල්‍ය අක‍්‍රමිකතා ඇතළු විවිධ චෝදනා එල්ලවී සිටින ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පිළිබද පරීක්ෂණ පැවැත්වීම මේ වන විට ආරම්භකර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේය.

පසුගිය වසරේ මාර්තු මස 28 වන දිනෙන් පසු ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙන බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පැමිණිලි විභාග කිරීම සදහා පත් කර ඇති විනිශ්චය කමිටුව ඒවා විභාග කිරීමෙන් පසුව නඩු ගොනු කිරීමට නියමිත බව පැවසේ.

අල්ලස් කොමිසම වෙත 1954 යන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එසේ නොමැතිනම් ලිඛිත හෝ වාචික පැමිණිලි එම කොමිසමට ඉදිරිපත් කළ හැකි වේ.

Thursday, September 15, 2011

හෙළිදරව්ව....


නිපුණතා සංවර්ධන නිලධාරිගේ හොර සහතික මගඩිය........
විස්තර ලගදීම....

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්





ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය පිණිසයි වෙතින් මේ සටහන තබන්නෙ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන එන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සුවිශේෂි දෙයක් ගැනයි මේ කොලම වෙන්කලේ. ඒ අපි වවමු රට නගමු දේශීය ආහාර නිශ්පාදන දිරිගැන්වීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වන වකවානුවට රටටම ආදර්ශයක් වෙමින් රජයේ ආයතනයක් තුල පිහිටි දැකුම්කළු භෝග වගාවක් තඹූත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දක්නට ලැබෙනවා. කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර ඉවතලන අපද්‍රව්‍ය මගින් නිපදවාගන්නා කාබනික පොහොර පමණක් යොදා ගනිමින් ඉතාමත් සරුසාරව වැඩී ඇති එළවළු හා පළතුරු වගාවන් කාර්යාල භූමියට පිය මනින ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම දක්නට ලැබෙන සුවීශේෂී අංගයකි. කෘෂි රසායනවලින් තොර නැවුම් එළවළු හා පළතුරු වල රස මිහිර විදීමටත්, ස්වභාව ධර්මයට විවෘත වූ කාර්යාල පද්ධතියක් හිමිවීමත් මෙම ආයතනයේ කාර්ය මංඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද ලැබූ මහගු ඵලයකි.

මේරි රංජනී පෙරේරා නම් වූ ඇය, ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවමින් ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරන ගමන් මෙම කර්ථව්‍යයට මුල පුරා ඇගේම සංකල්පයක් මත බිහිවූ මෙම භෝග වගා පද්ධතිය අද වන විට ඉතාමත් සරුසාරව පැවතීම ඇගේ අප්‍රතිහත ධෛර්යයේ සඵල වූ එක් අවස්ථාවක් පමණි. දක්ෂ පරිපාලනිකාවක් වන ඇය මැනවින් තම කාර්යාල පද්ධතිය ඵලදායිව පවත්වාගෙන යාමට මෙන්ම ප්‍රදේශයේ ජනජීවිතය නගා සිටුවීමට ඉමහත් මෙහෙයක් කල අයෙකි.



- රජරට සමූහ වාර්තාකරු


ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා

සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා. වයඹ පලාතේ ඉදල ආපු මේ අංශ ප්‍රධානියා එයාගෙ චින්තනයට අනුව තිතට මත ක්‍රියාත්මක කර ඇති බවයි කාර්යාල ආරංචිමාර්ග පවසන්නෙ.
පසුගිය සෙනසුරාදා දින මෙම ලොක්කයි ඔහුගෙ හෙංචයියනුයි අතිකාල කරන්න ඔෆිස් ඇවිත් ඔෆිස් එක පිටුපස තිබෙන පැරණි ගොඩනැගිල්ලේ හොද පාටියක් දැම්මලු. පාටියට රට බීම ජාති වැඩි වැඩියෙන් එකතුවෙලා තිබුන හිංදා වැඩි වෙලාවක් යන්න කලින් කට්ටියගේම කන් සාක්කුවලට වැටුනලු. ඒ අතර අර ගනංකාර ලොක්කට අමුතු අදහසක් පහල වෙලා ඔහුගෙ හෙංචයියන් දෙන්නෙකුත් එක්ක ඔෆිස් එකේ අතිකාල කරන්න ඇවිල්ල හිටපු කාන්තා කාර්යාල සහයිකාවකට අමුතු යෝජනාවක් ගෙනල්ල. ඒකට කැමති නොවුන මේ කාන්තාව බයටත් එක්ක එතනින් පැනල ගිහින්. පස්සෙ ලොක්ක රාජකාරි බලය මත ඇයව ආපසු ගෙන්වලා, රස්සාවෙනුත් දොට්ට දාන තැනට වැඩ කරන බව කියල හොදටම බය කරල තමාගේ කාමුක අවශ්‍යතා සංසිදුව ගන්න හදල. හැබැයි ඒ වෙලාවෙ ඇය හොදටම බයවෙලා කෑගහල. එතකොට ඒ ආසන්න සීටීබී ඩිපෝවේ හිටපු කට්ටියක් එතනට ආපු හිංද තමයි අර කාන්තාව බේරිලා තියෙන්නෙ. හැබැයි ගනංකාර ලොක්ක ඒ කාන්තාවටයි ඩිපෝවෙ අයටයි දහඅතේ වැදල මේක රහසක් විදියට තියන්න උත්සාහ ගත්තලු. හැබැයි මේ වනවිට ඒ රහස ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුබ වගේම ඔන්න අද ඉදල ලෝකෙටම ප්‍රසිද්ධ රහසක් වෙනව.

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ......