Thursday, September 15, 2011

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා

සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා. වයඹ පලාතේ ඉදල ආපු මේ අංශ ප්‍රධානියා එයාගෙ චින්තනයට අනුව තිතට මත ක්‍රියාත්මක කර ඇති බවයි කාර්යාල ආරංචිමාර්ග පවසන්නෙ.
පසුගිය සෙනසුරාදා දින මෙම ලොක්කයි ඔහුගෙ හෙංචයියනුයි අතිකාල කරන්න ඔෆිස් ඇවිත් ඔෆිස් එක පිටුපස තිබෙන පැරණි ගොඩනැගිල්ලේ හොද පාටියක් දැම්මලු. පාටියට රට බීම ජාති වැඩි වැඩියෙන් එකතුවෙලා තිබුන හිංදා වැඩි වෙලාවක් යන්න කලින් කට්ටියගේම කන් සාක්කුවලට වැටුනලු. ඒ අතර අර ගනංකාර ලොක්කට අමුතු අදහසක් පහල වෙලා ඔහුගෙ හෙංචයියන් දෙන්නෙකුත් එක්ක ඔෆිස් එකේ අතිකාල කරන්න ඇවිල්ල හිටපු කාන්තා කාර්යාල සහයිකාවකට අමුතු යෝජනාවක් ගෙනල්ල. ඒකට කැමති නොවුන මේ කාන්තාව බයටත් එක්ක එතනින් පැනල ගිහින්. පස්සෙ ලොක්ක රාජකාරි බලය මත ඇයව ආපසු ගෙන්වලා, රස්සාවෙනුත් දොට්ට දාන තැනට වැඩ කරන බව කියල හොදටම බය කරල තමාගේ කාමුක අවශ්‍යතා සංසිදුව ගන්න හදල. හැබැයි ඒ වෙලාවෙ ඇය හොදටම බයවෙලා කෑගහල. එතකොට ඒ ආසන්න සීටීබී ඩිපෝවේ හිටපු කට්ටියක් එතනට ආපු හිංද තමයි අර කාන්තාව බේරිලා තියෙන්නෙ. හැබැයි ගනංකාර ලොක්ක ඒ කාන්තාවටයි ඩිපෝවෙ අයටයි දහඅතේ වැදල මේක රහසක් විදියට තියන්න උත්සාහ ගත්තලු. හැබැයි මේ වනවිට ඒ රහස ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුබ වගේම ඔන්න අද ඉදල ලෝකෙටම ප්‍රසිද්ධ රහසක් වෙනව.

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ......

1 comment:

  1. තඹුත්තේගම කළාප අධ්‍යාපන කාර්යාලයේ ලොක්කත් පසුගිය දවසක ඔය වගේ වැඩක් කරල නොන්ඩි උනාලු. ලොක්ක කාර්යාලයේ පියන් කෙනෙකුට (සේවිකාවකට) කුණුහරුප කියන්න ගිහින් හොදටම නාගෙන. කාර්යාලයේ අය මේකට විරුද්දව ස්ට්‍රයික් එකකුත් කරල. කොහොම කොහොම හරි මේ සිද්දිය දැන් ඉහළටම ගිහින් තියෙන්නෙ..

    ReplyDelete