Monday, September 5, 2011

රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.
මහජන සේවය සදහා කැපවී කටයුතු කරන මෙම කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සදහා මෙම අමුතු දඩ ක්‍රමය ක්‍රියාත්මක වෙනවාලු. අතපසුවීමකින් කාර්යාලයේ විදුලි පහනක් හෝ විදුලි පංකාවක් අක්‍රිය නොකර පිටව ගියහොත් එම විදුලි පහනෙන් එළිය ලැබූ, පංකාවෙන් හුලං ලැබූ සියල්ලටම රු50-100 අතර දඩ වදිනවාලු. මේ ක්‍රමය විදුලිය පිරිමැසීම සදහා ගත් පියවරයක් ලු. ( හැබැයි සෑම ආයතනයකම කාර්යාල සහායකයින්ගේ රාජකාරියේ අංගයක් තමයි රාජාකාරී අවසානයේ කාර්යාලය වැසීමට පෙර සියළුම විදුලි උපකරණ අක්‍රිය කිරීම. මේ ආයතනයේ මුල් පුටුව ඒක දන්නෙ නැතුව ඇති)
මේ ලගදී දවසකත් මේ කාර්යාලයේ අමුතු දඩයක් ගැහුවලු. ඒ, දවස අවසානයේ වැඩ කරපු පරිගණක2 ක් වසා දමා එහි යූපීඑස් (බැටරිය) ක්‍රියා විරහිත නොකර ගිහින්. පහුවදා ආපු මුල් පුටුව ඒක දැකලා හොදටම තදවෙලා. කලින් දවසේ පරිගණකය උදේ ඉදල පාවිචිචි කරපු ඔක්කොටමයි ඒක තියෙන අංශයේ ඉන්න ඔක්කොමලාටමයි (ඒ කියන්නේ පරිගණකයේ වැඩ නොකර ඒක දිහා බලං හිටපු අයයි) රු 50 ගානෙ දඩ ගැහුවලු. කොහොමහරි ඒ දවසට දැවීගිය විදුලි ඒකක 2ක් පමණ සදහා රු 500-600ක් විතර දඩ එකතුඋනාලු.
පස්සෙ කාර්යාලයේ අය මේකට විරුද්ධ වෙච්ච නිසා දඩය රු 200ට බැස්සලු.
හැබැයි මේ ආයතනයේ මුල් පුටුව සමහර දවස්වලට කාර්යාලය තුල රාත්‍රි පුද්ගලික පංති කරනවාලු. පංති ගාස්තු මුල් පුටුවේ සාක්කුවට යද්දි රාත්‍රියේ දැල්වෙන  විදුලි පහන් හා පංකාවල  විදුලිය බර පැණ නම් රජයටලු................

- රජරට සමූහ වාර්තාකරු

5 comments:

  1. ගොඩක් රාජ්‍ය ආයතනවල ඔයවගේ දේවල් අනන්තවත් වෙනවා. ඒහින්ද තමයි රාජ්‍ය සේවය පිරිහෙන්නෙ. බොහෝ රාජ්‍ය නිලධාරීන් යුක්තිගරුකව හා නීතිගරුකව සාධාරණව රාජකාරීකලත් ඔය අතර ඉන්න දූෂිත නිලධාරීන් නිසා හැම රජයේ සේවකයෙකුගේම නම්බුවයි සායමයි දෙකම යනව ..
    ඕකයි අද තත්වය........

    ReplyDelete
  2. මටනම් ආරංචි විදියට අනුරාධපුර පැත්තෙ ඒජී ඔෆිස් එකක (ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයක) ඔය වගේ රාත්‍රී පන්ති පවත්වනවාලු. ඒ ඔෆිස් වල වැඩ කරන අයගෙ කඩඉම් විභාග සහ උසස් වීම් විභාග තියන කාලවලටලු.. සමහර විට මේ සිදුවීම වෙලා තියෙන්නෙත් ඔය කියන ඒජී ඔෆිස් එකේද දන්නෙ නෑ...බලාෙගන ගෙන යනවිට හොද හොද සෙල්ලම්නෙ (හික්...)

    ReplyDelete
  3. රජයේ ආයතනයක අමුතු දඩ ගැහිල්ලක් - තු ,ද = රජයේ ආයතනයක අමුඩ ගැහිල්ලක්

    රජයේ ආයතනයක අමුතු දඩ ගැහිල්ලක් - තු ,දඩ = රජයේ ආයතනයක අමු ගැහිල්ලක්

    ReplyDelete