Friday, September 23, 2011

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හොරෙක්


ප්‍රමිතියෙන් තොර මාලඹේ ව්‍යාජ වෛද්‍ය ආයතනය වසා දමා වංචාකරුවන්ට දඬුවම් පමුණුවනු වෙනුවට විවිධ ප්‍රකාශ හරහා සංවාදය වෙනතකට යොමු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති.

එම සංගමයමේ මේ චෝදනාව කළේ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක ඊයේ පලකළ අදහස්වලට ප්‍රතිචාර දක්වමිනි.

"සභාපතිතුමාගේ සුදුසුකම් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔහු එම්.ඩී.එක. ‍ෆේල් පළවෙනි සැරේ. රිපීට් එකෙන් පාස් උණේ. එම්.ඩී.එක රිපීට් වෙච්ච එක්කෙනෙකුට මේ සබ් ස්පෙෂලිට් කියන එක කරන්න බැහැ.

හැබැයි එයා ඔය ජී.එම්.ඕ. එක පාවිච්චි කරලා අමාත්‍යාංශය බය ගන්වලා මේ පී.ජී.අයි.එම්. එක බය ගන්වලා එයා අතිවිශේෂ අවසරයක් ගත්තා විභාග ෆේල් වෙච්ච මිනිහෙක් මේ ළමා රෝග ස්නායු විශේෂඥ කියන එක ගන්න. එයාට විරුද්ධව යනවා බ්‍රයිබර් කොමිෂන් එකේ පරීක්ෂණයක් ඒ එයා ලංකාවට ඇවිල්ලා මාස දෙකක් විදේශ දීමනා අරගෙන තියෙනවා. ඒ නිසා හොරෙක් ඒ සභාපති"

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකටුවගේ අත්සනින් නිකුත් කළ නිවේදනය දැක්වුණේ අදාළ ප්‍රකාශය කැබිනට් අමාත්‍යවරයෙකුට තරම් නොවන බවයි.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ර‍ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට විරුද්ධව ද්වේශ සහගත ලෙස මාධ්‍යට අදහස් දක්වා ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.

එස්.බී.දිසානායක කළ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමේ හැකියාවක් ඔහු සතුව ඇතැයි විශ්වාස කරන බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව ජයවර්ධනපුර, රුහුණ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල අසළ අද විරෝධතාවල නිරත වූහ.


- බුද්ධියේ විමසුමට තබන සත්‍යයේ සටහනකි

No comments:

Post a Comment