Thursday, September 15, 2011

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්





ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය පිණිසයි වෙතින් මේ සටහන තබන්නෙ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන එන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සුවිශේෂි දෙයක් ගැනයි මේ කොලම වෙන්කලේ. ඒ අපි වවමු රට නගමු දේශීය ආහාර නිශ්පාදන දිරිගැන්වීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වන වකවානුවට රටටම ආදර්ශයක් වෙමින් රජයේ ආයතනයක් තුල පිහිටි දැකුම්කළු භෝග වගාවක් තඹූත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දක්නට ලැබෙනවා. කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර ඉවතලන අපද්‍රව්‍ය මගින් නිපදවාගන්නා කාබනික පොහොර පමණක් යොදා ගනිමින් ඉතාමත් සරුසාරව වැඩී ඇති එළවළු හා පළතුරු වගාවන් කාර්යාල භූමියට පිය මනින ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම දක්නට ලැබෙන සුවීශේෂී අංගයකි. කෘෂි රසායනවලින් තොර නැවුම් එළවළු හා පළතුරු වල රස මිහිර විදීමටත්, ස්වභාව ධර්මයට විවෘත වූ කාර්යාල පද්ධතියක් හිමිවීමත් මෙම ආයතනයේ කාර්ය මංඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද ලැබූ මහගු ඵලයකි.

මේරි රංජනී පෙරේරා නම් වූ ඇය, ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවමින් ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරන ගමන් මෙම කර්ථව්‍යයට මුල පුරා ඇගේම සංකල්පයක් මත බිහිවූ මෙම භෝග වගා පද්ධතිය අද වන විට ඉතාමත් සරුසාරව පැවතීම ඇගේ අප්‍රතිහත ධෛර්යයේ සඵල වූ එක් අවස්ථාවක් පමණි. දක්ෂ පරිපාලනිකාවක් වන ඇය මැනවින් තම කාර්යාල පද්ධතිය ඵලදායිව පවත්වාගෙන යාමට මෙන්ම ප්‍රදේශයේ ජනජීවිතය නගා සිටුවීමට ඉමහත් මෙහෙයක් කල අයෙකි.



- රජරට සමූහ වාර්තාකරු


No comments:

Post a Comment