Tuesday, July 26, 2011

ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....

ඵලදායිතාවයට දඹුල්ලේ දොර වැහෙයි....

පසුගිය වසරක ජාතික ඵලදායිතා තරගයකින් දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වූ දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක් නැරඹීම සදහා මෙවර තරගයට ඉදිරිපත්ව සිටින වෙනත් රාජ්‍ය ආයතනයකින් ක්ෂේත්‍ර චාරිකාවක් සූදානම් කර තිබූ අතර මේ සදහා අදාල සම්මානලාභී රාජ්‍ය ආයතනයෙන් අවසර ලබා ගැනීම සදහා එම ආයතනයට දුරකථනය මගින් විමසීමක් කල විට තම කාර්යාලයේ කටයුතු පරීක්ෂාවට අවසර නොලැබෙන බව එහි නිලධාරියෙකු විසින් පවසා ඇති බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.

තවද මෙම රාජ්‍ය ආයතනය විසින් 2009 වසර සදහා පැවති ඵලදායිතා තරගයෙන් දිවයිනෙන්ම පළමු ස්ථානය හිමිකරගෙන ඇති බැවින් තරග නීති රීති අනුව ඉදිරි වසර 5ක කාලයක් සදහා ඔවුනට නැවත එම තරගයට ඉදිරිපත් විය නොහැකි වේ. එබැවින් එම ආයතනයේ ඵලදායිතාවය රැදී තිබුනේ තරගකාරිත්වය මත බවත් මේ වනවිට  කාර්යාලයේ ඵලදායිතාවය පිරිහීමකට ලක්ව ඇති බවත් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වී ඇත.   

1 comment:

  1. ගොඩක් ආයතන ඔයවගේ තරග පවත්වනකොට විතරක් ඒ තරග දිනන්න ඕනෑවට හොදට වැඩ පෙන්නනවා ( වැඩ කරනවා නෙවේ.. වැඩ පෙන්නනවා.. හික්..). බැලින්නම් බොරු සෝබනේ විතරයි. ඒකත් ඔය තරග තියෙනකල් විතරයි. ඊට පස්සෙ මොකුත් නෑ....

    ReplyDelete