Wednesday, July 20, 2011

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් හා මාරුවීම්වලට තාවකාලිකව තිත

රාජ්‍ය සේවය සඳහා මාරුවීම්, උසස්වීම් සහ බඳවා ගැනීම් තාවකාලිකව සිදු නොකරන ලෙස සියලු ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමා තුළ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සහ මාරුවීම් සිදුනොකළ යුතු බව චක්‍රලේඛයක් නිකුත් කරමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත.

ඒ අනුව මෙම කාල සීමාවේ දී රාජ්‍ය සේවයේ පත්වීමක් හෝ ස්ථාන මාරුවක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

මෙම නියෝග පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු ක්‍රියාත්මක වන අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජූලි මස 23 වැනිදා පැවැත්වෙයි.

No comments:

Post a Comment