Friday, September 23, 2011

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හොරෙක්


ප්‍රමිතියෙන් තොර මාලඹේ ව්‍යාජ වෛද්‍ය ආයතනය වසා දමා වංචාකරුවන්ට දඬුවම් පමුණුවනු වෙනුවට විවිධ ප්‍රකාශ හරහා සංවාදය වෙනතකට යොමු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා උත්සාහ දරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් හා සභාපති විල්පත්තුව හෙළි කරයි....


විල්පත්තු ජාතික වනෝද්යානයේ ප්‍රේරක කලාපය තුළ කලාඔය ආස්රිතව මොරඩවිල්ලූව හා තවුසමඩම ප්රදේශයේ පිහිටි වනාන්තර අක්කර 245 ක් පමණ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ව්යාපෘති සඳහා ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්රියාත්මක වේ. පුත්තලම දිස්තිරික්කයේ, වනාතවිල්ලූව ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි රජයේ වනාන්තර ඉඩමක මේ ව්යාපෘතිය ක්රියාත්මක කරන්නේ පුත්තලම දිස්තිරික් ලේකම්, වනාතවිල්ලූව ප්රාදේශීය ලේකම් හා වනාතවිල්ලූව ප්රාදේශීය සභාවේ සභාපති යන අය විසිනි.



ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා

ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
කොළඹදී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා විභාග අපේක්ෂකයින්  14,800  විභාග මධ්‍යස්ථාන 100ක් තුළ පෙනී සිටීමට නියමිත වේ.
මෙම උපාධිධාරීන් විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය යන විෂයන් සඳහා බඳවා ගන්නා අතර, විභාගය සඳහා ඉල්ලුම් කරන ලද සෑම විභාග අපේක්ෂකයෙකුම අභියෝගතා ප්‍රශ්න පත්‍රයකට සහ තමන් විසින් ඉල්ලුම් කරන ලද විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍රවලට පෙනී සිටිය යුතු වේ.

මෙම විභාගය පිළිබඳ ව ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මඟින් කලින් දැනුම් දෙනු ලැබූ අතර, එම පුවත් පත් දැන්වීමේ සඳහන් ව ඇති ආකාරයට වයස අවු.18-35 අතර වයස් සීමාවේ අය විසින් මේ සඳහා ඉල්ලුම් කළ යුතු මෙන් ම, අදාළ විෂය පිළිබඳ ව ප්‍රවීණතාව සහතික කිරීම සඳහා උපාධියක් හදාරා තිබිය යුතු වේ. මෙම සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට විභාග දෙපාර්තමේන්තුව මඟින් පියවර ගෙන ඇත

Wednesday, September 21, 2011

කෝච්චියෙන් එන රජයේ සේවකයන්ට පැය භාගයක්ම....

මාතර සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණෙන සියලුම රාජ්‍ය සේවකයින්ට මිනිත්තු 15 කාලයක් ප්‍රමාදවී කාර්යාලයට වාර්තා කිරීමට සහ මිනිත්තු 15 ක කාලයක් තිබියදී කාර්යාල සේවය නිමාකොට යෑමට අවසර ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කරයි.

දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අලුත්ගම-ගාල්ල ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබීම හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව නිසා මෙම තීරණය ගත් බව රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ ලේකම් පී.බී අබේකෝන් මහතා කියා සිටියේය.

තමා දිනපතා දුම්රියෙන් කොළඹට පැමිණෙන මගියකු බව තහවුරු කිරීමෙන් පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මෙම රාජ්‍ය සේවකයන්ට අදාළ සහනය ලබාදෙන්නට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රාජ්‍ය අංශයේ දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක්

රාජ්‍ය අංශයේ සිදුවන නොයෙකුත් දූෂණ හා වංචා පිළිබඳව දිනකට පැමිණිලි 25 ක් පමණ ලැබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා පැවසීය.
මේ අතර අල්ලස් පනතට නොවැටෙන පැමිණිලි ජනතාව ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේය. කෙසේවුවද ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ක්ෂණික වැටලීම් සිදුකරන බව ඔහු පැවසීය. අල්ලස් කොමිසම අක‍්‍රියව පැවැති සමයේ කොමිසමට ලැබුණු පැමිණිලි 3,700 ක් සම්බන්ධයෙන් කොමිසම ස්ථාපනය කළ පසුගිය මැයි 15 වැනිදා සිට විමර්ශන ආරම්භ කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.



මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ ඒවා බව පැවසේ. ඊට අමතරව මූල්‍ය අක‍්‍රමිකතා ඇතළු විවිධ චෝදනා එල්ලවී සිටින ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් පිළිබද පරීක්ෂණ පැවැත්වීම මේ වන විට ආරම්භකර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව සඳහන් කළේය.

පසුගිය වසරේ මාර්තු මස 28 වන දිනෙන් පසු ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පැවැත්වෙන බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පැමිණිලි විභාග කිරීම සදහා පත් කර ඇති විනිශ්චය කමිටුව ඒවා විභාග කිරීමෙන් පසුව නඩු ගොනු කිරීමට නියමිත බව පැවසේ.

අල්ලස් කොමිසම වෙත 1954 යන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එසේ නොමැතිනම් ලිඛිත හෝ වාචික පැමිණිලි එම කොමිසමට ඉදිරිපත් කළ හැකි වේ.

Thursday, September 15, 2011

හෙළිදරව්ව....


නිපුණතා සංවර්ධන නිලධාරිගේ හොර සහතික මගඩිය........
විස්තර ලගදීම....

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය රටටම ආදර්ශයක්





ජනතා සේවයට කැපවූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජ්‍ය ආයතනයක් ගැනයි අද රාජ්‍ය සේවය පිණිසයි වෙතින් මේ සටහන තබන්නෙ. තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන එන ඕනෑම කෙනෙකුට දකින්නට ලැබෙන සුවිශේෂි දෙයක් ගැනයි මේ කොලම වෙන්කලේ. ඒ අපි වවමු රට නගමු දේශීය ආහාර නිශ්පාදන දිරිගැන්වීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක වන වකවානුවට රටටම ආදර්ශයක් වෙමින් රජයේ ආයතනයක් තුල පිහිටි දැකුම්කළු භෝග වගාවක් තඹූත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දක්නට ලැබෙනවා. කිසිදු රසායනික පොහොරක් භාවිතා නොකර ඉවතලන අපද්‍රව්‍ය මගින් නිපදවාගන්නා කාබනික පොහොර පමණක් යොදා ගනිමින් ඉතාමත් සරුසාරව වැඩී ඇති එළවළු හා පළතුරු වගාවන් කාර්යාල භූමියට පිය මනින ඕනෑම කෙනෙකුට පළමුවෙන්ම දක්නට ලැබෙන සුවීශේෂී අංගයකි. කෘෂි රසායනවලින් තොර නැවුම් එළවළු හා පළතුරු වල රස මිහිර විදීමටත්, ස්වභාව ධර්මයට විවෘත වූ කාර්යාල පද්ධතියක් හිමිවීමත් මෙම ආයතනයේ කාර්ය මංඩලය මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද ලැබූ මහගු ඵලයකි.

මේරි රංජනී පෙරේරා නම් වූ ඇය, ප්‍රාදේශීය ලේකම් තනතුර හොබවමින් ප්‍රදේශයේ ජනතාවට ඉමහත් සේවයක් ඉටු කරන ගමන් මෙම කර්ථව්‍යයට මුල පුරා ඇගේම සංකල්පයක් මත බිහිවූ මෙම භෝග වගා පද්ධතිය අද වන විට ඉතාමත් සරුසාරව පැවතීම ඇගේ අප්‍රතිහත ධෛර්යයේ සඵල වූ එක් අවස්ථාවක් පමණි. දක්ෂ පරිපාලනිකාවක් වන ඇය මැනවින් තම කාර්යාල පද්ධතිය ඵලදායිව පවත්වාගෙන යාමට මෙන්ම ප්‍රදේශයේ ජනජීවිතය නගා සිටුවීමට ඉමහත් මෙහෙයක් කල අයෙකි.



- රජරට සමූහ වාර්තාකරු


ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...... ගනංකාර ලොක්කා

සබරගමු පලාතේ සිංහරාජයට මායිම් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ගනංකාර ලොක්කෙක් ගැන හරි අපූරු ප්‍රවෘත්තියක් රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වෙනවා. වයඹ පලාතේ ඉදල ආපු මේ අංශ ප්‍රධානියා එයාගෙ චින්තනයට අනුව තිතට මත ක්‍රියාත්මක කර ඇති බවයි කාර්යාල ආරංචිමාර්ග පවසන්නෙ.
පසුගිය සෙනසුරාදා දින මෙම ලොක්කයි ඔහුගෙ හෙංචයියනුයි අතිකාල කරන්න ඔෆිස් ඇවිත් ඔෆිස් එක පිටුපස තිබෙන පැරණි ගොඩනැගිල්ලේ හොද පාටියක් දැම්මලු. පාටියට රට බීම ජාති වැඩි වැඩියෙන් එකතුවෙලා තිබුන හිංදා වැඩි වෙලාවක් යන්න කලින් කට්ටියගේම කන් සාක්කුවලට වැටුනලු. ඒ අතර අර ගනංකාර ලොක්කට අමුතු අදහසක් පහල වෙලා ඔහුගෙ හෙංචයියන් දෙන්නෙකුත් එක්ක ඔෆිස් එකේ අතිකාල කරන්න ඇවිල්ල හිටපු කාන්තා කාර්යාල සහයිකාවකට අමුතු යෝජනාවක් ගෙනල්ල. ඒකට කැමති නොවුන මේ කාන්තාව බයටත් එක්ක එතනින් පැනල ගිහින්. පස්සෙ ලොක්ක රාජකාරි බලය මත ඇයව ආපසු ගෙන්වලා, රස්සාවෙනුත් දොට්ට දාන තැනට වැඩ කරන බව කියල හොදටම බය කරල තමාගේ කාමුක අවශ්‍යතා සංසිදුව ගන්න හදල. හැබැයි ඒ වෙලාවෙ ඇය හොදටම බයවෙලා කෑගහල. එතකොට ඒ ආසන්න සීටීබී ඩිපෝවේ හිටපු කට්ටියක් එතනට ආපු හිංද තමයි අර කාන්තාව බේරිලා තියෙන්නෙ. හැබැයි ගනංකාර ලොක්ක ඒ කාන්තාවටයි ඩිපෝවෙ අයටයි දහඅතේ වැදල මේක රහසක් විදියට තියන්න උත්සාහ ගත්තලු. හැබැයි මේ වනවිට ඒ රහස ප්‍රදේශය පුරා ප්‍රසිද්ධ රහසක් වෙලා තිබුබ වගේම ඔන්න අද ඉදල ලෝකෙටම ප්‍රසිද්ධ රහසක් වෙනව.

ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ......

Wednesday, September 7, 2011

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....: රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්..... රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්ත...

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්

රාජ්‍ය සේවය පිණිසයි ෴ os State Service: දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්: 2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ ...

දැයට කිරුළට රාජ්‍ය සේවකයන් දෙදහසක්



2012 නිදහස් දිනයට සමගාමීව අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශණය හා සැනකෙළිය සදහා රාජ්‍ය සේවකයන් දෙදහසක් පමණ රාජකාරියට යොදවා ගැනීමට යෝජිත බව රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ. මේ සදහා ත්‍රිවිධ හමුදා , පොළිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මෙන්ම උතුරු මැද පළාතේ දෙපාර්තමේන්තු, ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද සේවයට යෙදවීමට අපේක්ෂා කරන බව මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇත.

Monday, September 5, 2011

රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රජයේ ආයතනයක අමුතු (දඩ) ගැහිල්ලක්.....

රජරට ප්‍රදේශයේ ජනතාවගේ කාර්යාලයක් වූ රජයේ ආයතනයක අමුතු දඩ ගැසිල්ලක් ගැන රාජ්‍ය සේවය පිණිසයි වෙත වාර්තා වේ.
මහජන සේවය සදහා කැපවී කටයුතු කරන මෙම කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් සදහා මෙම අමුතු දඩ ක්‍රමය ක්‍රියාත්මක වෙනවාලු. අතපසුවීමකින් කාර්යාලයේ විදුලි පහනක් හෝ විදුලි පංකාවක් අක්‍රිය නොකර පිටව ගියහොත් එම විදුලි පහනෙන් එළිය ලැබූ, පංකාවෙන් හුලං ලැබූ සියල්ලටම රු50-100 අතර දඩ වදිනවාලු. මේ ක්‍රමය විදුලිය පිරිමැසීම සදහා ගත් පියවරයක් ලු. ( හැබැයි සෑම ආයතනයකම කාර්යාල සහායකයින්ගේ රාජකාරියේ අංගයක් තමයි රාජාකාරී අවසානයේ කාර්යාලය වැසීමට පෙර සියළුම විදුලි උපකරණ අක්‍රිය කිරීම. මේ ආයතනයේ මුල් පුටුව ඒක දන්නෙ නැතුව ඇති)
මේ ලගදී දවසකත් මේ කාර්යාලයේ අමුතු දඩයක් ගැහුවලු. ඒ, දවස අවසානයේ වැඩ කරපු පරිගණක2 ක් වසා දමා එහි යූපීඑස් (බැටරිය) ක්‍රියා විරහිත නොකර ගිහින්. පහුවදා ආපු මුල් පුටුව ඒක දැකලා හොදටම තදවෙලා. කලින් දවසේ පරිගණකය උදේ ඉදල පාවිචිචි කරපු ඔක්කොටමයි ඒක තියෙන අංශයේ ඉන්න ඔක්කොමලාටමයි (ඒ කියන්නේ පරිගණකයේ වැඩ නොකර ඒක දිහා බලං හිටපු අයයි) රු 50 ගානෙ දඩ ගැහුවලු. කොහොමහරි ඒ දවසට දැවීගිය විදුලි ඒකක 2ක් පමණ සදහා රු 500-600ක් විතර දඩ එකතුඋනාලු.
පස්සෙ කාර්යාලයේ අය මේකට විරුද්ධ වෙච්ච නිසා දඩය රු 200ට බැස්සලු.
හැබැයි මේ ආයතනයේ මුල් පුටුව සමහර දවස්වලට කාර්යාලය තුල රාත්‍රි පුද්ගලික පංති කරනවාලු. පංති ගාස්තු මුල් පුටුවේ සාක්කුවට යද්දි රාත්‍රියේ දැල්වෙන  විදුලි පහන් හා පංකාවල  විදුලිය බර පැණ නම් රජයටලු................

- රජරට සමූහ වාර්තාකරු